කඳුළු වලට පාටක්

කඳුළු වලට පාටක්

රුවන් ඩී අළුබෝමුල්ලගේ

මාරුතයක හැපී නොබිඳුණු ගිරක් බඳූ දුටුවෙද යම් දිනෙක සිඳිලා තිබෙණු සිඳූ හෙණ පුපුරන විටත් නොසැලී සිටී කඳූ එළිය දේද හිරු ළඟ, පෑයුවද සඳූ අරුණ කිරණ දිග හැරෙනා විට අහසේ තුෂර තණ මතින් වියැකී යයි රහසේ හමන නලක සිහිලක දැවටී සුවසේ මලක සුවඳ නේවිද පිපි තුරු සිරසේ හිල් හැදිලාද අහසින් වැසි වැටෙන්නේ වාරකමට විතරද රළ ගසන්නේ බිඳුනොත් දෑල අහකයි ගඟ ගලන්නේ පොහොර නැහැ පුරන් කෙතකට ඉහින්නේ කඳුළු වලට පාටක් තිබුණාද නැහැ මහ සුළඟටත් සුසුමක් නවතන්න බැහැ බැලුවට පේනවද වහ ගත්තහම ඇහැ අඳුනන්නට හැකිද ගන අඳුරකදි පැහැ ගොරවන තරමටම නෑ වැහි වැටෙන්නේ වහින තරමටම කවුරුද තෙමෙන්නේ අඳුර මකන්නයි පුන්සඳ නැගෙන්නේ පතුල ගරා ළිං, නෑ මුතු ලැබෙන්නේ
කවිය බලන්න