ඔයා මට හීනෙනුත් රැව්වා.....කැළුම් චතුරංග රාගම
ඇයි ඔච්චර මහත් වෙලා
ජිම් එකකටවත් යන්නෙ නැද්ද ?
මම ඔයාගෙන් ඇහුවා
ජිම් යන්න !
ඔයා මට හීනෙනුත් රැව්වා .
තම්බගෙන බතක් කරියක්
තුන් වේල කන එකම කලාවක්
ඔයා මට බැන බැනම කිව්වා .
සේකරගේ ප්‍රබුද්ධ මං ළඟ තිබුණා
යසෝදාට ඔයා කැමති නැති බව මට කිව්වා
අහිංසක හිනාවක් එක්කම .
මාවත් ඇදගෙන දවසක්
ගම්පහ මේඛලා එකට
ආදරණීය වස්සානය බලන්න ඔයා ගියා
මතකද ?
කඳුළු ඇස් දෙකේ පුරෝගෙන ඔයා මං දිහා බැලුවා .
අහම්බෙන් ලිප්ටන් වටරවුමෙදි
මං ඔයාව දැක්කා
හොඳටම මහත් වෙලා !
ඉස්සරහින් ආව යාචකයෙකුට
බෑගයෙන් අරන් රුපියල් සීයක් දුන්නා
චූටි මල් හිනාවකුත් එක්කම
හිත හැදෙන්න ආදරෙන් කතා කළා .
වටරවුම පහුවෙද්දී
ඔයා පාර පැනලා ගිහින්
කැබින් එකේ පන්දාහේ කොළ වගයක්
මට සරදමට හිනා වුණා .
කවිය බලන්න
