කම්කරු තාත්තා

කම්කරු තාත්තා

අංගප්පුලිගේ කැලුම් විරාජ් චතුරංග රාගම

යකුලු පහරින් බිදී විසිරෙන
මහා කළුගල් පවා සෙලවෙන
කම්හලේ රුදු නලා ශබ්දෙට
කඳුලු බිඳු බොන යන්ත්‍රයකි තද

අඟුරු පැහැ ගල් බිත්තියෙන් වට
නැගෙන දම්වැල් ගැටෙන කර හඬ
පුරා කලු දුම් වැකුණු රලු ගත
සුසුම් නැගෙනා කවුළුවකි දුම

සීත හවසක බීර බඳුනක
රිදෙන කකියන සිරුර ගිල්වන
ඉරුණු කඩමලු කබා ගලවන
ගින්න විළිලන උඳුනක්ය තව

කවිය බලන්න