චන්දරේ

චන්දරේ

අංගප්පුලිගේ කැලුම් විරාජ් චතුරංග රාගම

මයිල ගහ ළග පැලේ ලෑලි දොර පලු අතර සීනි තේ තෙල් වර්ග අදුරේම කිරා දී උන්ට වැඩියෙන් ම දුන් චන්දරේ කිරි කිරිස් හඬින් එන බයිසිකල් වල සෙනඟ බංකුවේ වාඩි වී අදුරේ ම හඬ තලයි සිනාසෙයි උඹේ පාලුව මැකෙයි චන්දරේ නුගේ ළග විංකලේ බයිසිකල් ටයර් වල හුළං යන හිල් වසා අදුරේම පැච් දැමූ උඹ මාර වැඩ්ඩෙක්නෙ චන්දරේ කොල්ලො යුද්දෙට ගියපු කෙඩෑරි ගං දෑලේ හීන් කලු මිනිසුන්ගෙ හිතේ දුක නිවෙන්නට අදුරේ ම පේන බැලු දේව කන්නලව් කළ දේවාලේ දුම් සුවඳ චන්දරේ ජීවිතේ හරි බරයි කාලේ නං හරි කෙටියි ලෙඩ දුක් ද කරදරයි කිරි කිරිස් බයිසිකල් අදත් එහි නතර වෙයි අදුරේ ම කොදුරමින් දුක කියයි උඹේ පාලුව මැකෙයි චන්දරේ
කවිය බලන්න