සඳ මද්දහනේ .
හිරු නිවී යන හැම සන්ධ්‍යාවකම
නගරය වෙනත් නමකින් අවදි වෙයි
නියෝන් එළි ගංගාවන් වී ගලා යද්දී,
සෙවණැල්ලක් පාසා
නොකියූ රහසක් සැඟවෙයි
සඳ රිදී වෙස් මුහුණක් පැළඳ,
තරු නිහඬව බලා සිටියි
රැය මගේ හදවතේ
වසර ගණනක් වසා තිබූ
දොරටු එකින් එක විවර කරයි
"එන්න..."
කියමින් සුළඟ මට
සන් කරයි
"නුඹ දන්නා නුඹව
අමතක කරන්න
මොහොතකට ."
ආශාව නටන දෙස
සංයමය නිහඬව බලා සිටියි
හදවත එක මඟක් පෙන්වද්දී,
බුද්ධිය තවත් මඟක් සොයයි
විවර වූ
සෑම ජනේලයකම සිහිනයක් ඇත.
සෑම නිහඬ බවකම
සැගවුණු ගීතයක් ඇත.
හෙට දවස සොයද්දී,
කෙනක්
තවකෙක්
තමන්වම සොයමින් සැරිසරයි
මගේ සිනහව යට
භීතිය ,දුක ,තනිකම
දරාගත්
අකුණු සැඟවී ඇත
මගේ රුධිරයේ
අසරණ වීමේ
කුණාටු තවමත් නිදි නැත
නිදහස ගින්දර ක් වගේ
අතට ගන්න ලස්සනයි,
එහෙත්
අල්ලාගෙන ඉන්න
නොහැකී
අලුයම පැමිණෙයි
රාත්‍රියේ අඩි සටහන්
එළියෙන් මැකී යයි
එහෙත්
මගේ හදවතේ අඳුර
එළිය හඳුනන බව
තවමත් මතකයි
අවසනයේ
ජයග්‍රහණය යනු
රාත්‍රියෙන් පලා යෑම නොවේ
රාත්‍රිය හරහා ගොස්,
තමාගේම ආලෝකය
අහිමි කර නොගෙනම
ආපසු පැමිණීමයි
කවිය බලන්න
