රඹුකන සිද්ධාර්ථ හිමි.
සුන්දර ගීයකට
පන්හිඳෙන් නඟන පද,
මුවගින් සවන සනහන
දම් පදයක් වූ
දුකින් පෙළෙන ඒ
සියළු දනන් හට
පහන් එළියක් වී වැඩමවා,
අඳුරු සිත් සනසන්නට
දහම් සුවඳ බෙදා හැරි හිමි.
කරුණාවේ සිසිලසින්
ගිනිගත් හදවත් නිවා,
මෛත්‍රියේ සුපුෂ්පයන්
මිනිස් සිත් තුළ පිබිද වූ
රඹුකන පින්බිමේ
දහම් හඬක් වී නැඟුණු,
සිද්ධාර්ථ හිමි ඔබ
සත්මඟ පෙන්වන
පෙරඹර තරුවකි.
වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්
යහපත ලොවට කියා දී,
දුකට පත් දනන්ගේ
සිත් නිවාලන
සිසිල් ගඟුලක් වැනිය ඔබ.
සසර මඟ දිගු වුවද,
සදහම් එළිය නොනිවෙන සේ,
ඔබ වහන්සේගේ කරුණා ගුණ
හදවත්වල සදා රැඳේවා.
බුදුන් වදාළ උතුම් මඟේ
පියවර තබා යන හිමියනි,
සසර ගමන නිමා කොට
දිනෙක උතුම් නිවනින්
සැනසෙත්වා!
කවිය බලන්න
