තනි තරුවක්.

තනි තරුවක්.

ගයත්‍රි පෙරේරා

තනි තරුවක් ඔරු කඳට පිටදී මා හිදිනා විට ගඟ මැදින් අහසට කෙලින් තනි තරුවක් මදෙස බලා සිටියි. ගඟ ගලා යයි ආපසු නොහැරී, එහෙත් එහි රැළි අතර අතීතයේ සෙවණැලි තවමත් මා සමඟ යයි. මේ ඔරුවේම හිඳ අපි දෙදෙනා අනාගතය ගැන කතා කළෙමු. ගඟ ඒ සියල්ල දුර ඈතකට ගෙන ගොස් ඇත. කඳු මුදුන් අඳුරු වී, ගස්වල සෙවණැලි දිය මත දිගු වෙද්දී, ඔරුව පමණක් නිහඬව ඉදිරියට යයි. මට හදිසියේ සිතෙයි ජීවිතයත් මේ ඔරුව වගේ නොවේද? අපි ගඟ තරණය කරන බව සිතූ මුත් සැබැවින්ම ගඟ අපව අප නොදන්නා ඉවුරකට ගෙන යමින් සිටී. ඈත අහසේ තනි තරුව තවමත් දැල්වෙයි. ඒ මට මඟ පෙන්වන්නටද, නැතහොත් අහිමි වූවකු ගේ අවසන් මතකය ලෙසද මම නොදනිමි. ඔරු කඳට පිටදී ඇස් වසාගනිමි. ගඟ ගලා යයි. තරුව දැල්වෙයි. අප අතර කියන්නට ඉතිරි වූ සියල්ලම ගං දියේ සෙමින් දියවෙයි Photo Credit: Alexander Andrews
කවිය බලන්න