සකි සඳැස

සකි සඳැස

චතුරිකා කස්තුරිආරච්චි මොරටුව

අකුරට ගිය ඈත පාසල් සමයෙ දවසක නුඹයි මට යෙහෙළි මතක සිතුවම් අතර මිදුල කොන බංකුවේ අපේ රස කතාවක අතිනත් පටලලා හිනැහුණා අපි නිතර රස ම රස ගෙනා කූනිස්සන් සම්බෝල කැන්ද කොළේ වණ්ඩුවේ රස සුවඳ රඹ පතේ දවටා උණුම උණු බත් ගෙඩිය මතකය සිතුවම් මවයි සල රුවක් විලස සැළලිහිණියේ මනහර කව් මිහිර සමඟම දිවියට වටින අරුත ළං කළ ජාතක පොත දම්සෙන් හිමි කියා දුන්නේ අපට ජීවිතය මිණි සේ එකට බැඳි සදහම් මාලයෙන් මහබෝ වන්නමේ බෙර පද තාලයට හෙල් මැලී පැහැ සිනා කුමරිය නටයි පඳුර යට සැඟවූ පුතුගේ අවනඩුව නිමයි බංගලාවේ දොරටුව ළඟ ලෙච්චමී හඬයි පොතපතින් උගත් දෑ මනා ලෙස ගළපලා සමුදුරු ගොස විරිතෙන් තාලය දමාලා මිහිරි පාසල් මතක යළිත් සිහි කරලා සකි සඳැස මගේ පෑනෙන් අකුරු කෙරුවා
කවිය බලන්න