යෞවනයට පිවිසි දියණියට
තෙළෙස් වස අවසන්
සිසු සැරිය නිමවිය අදින්
විසල් පිවිසුම පාමුල
නැවතිලා....
නුඹේ රුව දකිනු රිසියෙන්
බලා හිඳි කල ඉක්මිලා
රැඳෙනු නැත අම්මා යළිත්
නෙතු අයා පිවිසුමේ
දහවලේ හිනැහෙමින්
නුඹ එතැයි සිතා
සුළැඟිල්ල පටලා
ඇවිද ගිය කල ගෙවීලා
ස්වේත රැළි ගවුම
ගෙළ පැලඳි ටයි පටිය
මතක මන්දිර තනා
සැඟව යාවි හද පත්ලේම
දියණි නුඹ යෞවනියකි දැන්...
පය තැබිය යුතුවේ
මුවැත්තිය සේ
රුදුරු මාවත් දිග
සිහියෙන් සහ නුවණින්ම
කවිය බලන්න
