රම්‍ය සඳකිරණ
හේමන්තයේ ගී ගැයූ සුපෙම් කෝකිලාවිය
ගිම්හාන කාලයේ දිලි සෞම්‍ය තරු එළිය
තරු නිදන රාත්‍රියේ ඇසෙන ගී නාදිනිය
බුදු සමිඳු පාමුල පිපි සමන් කුසුමිය
සිය නදින් විශ්වයම විස්මිත කළ විස්මිතිය
ජීවිතේ කවියක් යැයි ගැයූ ගී මහෝඝය
ප්‍රේමය නම් කිමැයි කියා දුන් ප්‍රේමිනිය
සුපසන් නදින් සවන් සැනසූ සංගීත වේදිනිය
ගී අඹර එකලු කළ සෞම්‍ය සඳ එළිය
වියළි බිම් මත ගී අඹරින් වට අසෙනිය
දිවි සැරිය නිමා කළ ජාතියේ යශෝරාවය
සුබ ගමනක් වේවා ස්වේත නන්දනිය
කවිය බලන්න
