ජීවිතය
'අ' යනු 'ආ' යනු රූල පහළට ලියයි
'ර' යනු 'ට' යනු රූලෙන් ඉහළට හැඩයි
'ග' යනු 'ස' යනු මැදින් රූලේ තබයි
තනි රූලෙ අකුරු ලියනා සැටි එයයි
මුතු අකුරු ලියන්නට මගෙ පොතේ
පැන්සලය උල් වෙවී ගෙවුණා වගේ
වැරදි තැන් නිවැරදි කරන්නට මගේ
මකනයත් වෙහෙසුනා පුදුමයි අගේ
හෙළන දා බිඳුවලින් කිරුළු තනවා
ලොවට රහසින් මුතු කඳුළු සඟවා
ජීවිතේ බර උසුළන තාත්තා සමානා
උස පැන්සලය උල් වෙවී ගෙවෙනා
රතුවන් රුහිරු ස්වේතයෙන් නහවා
ස්නේහයෙන් ළයෙහි හොවා සතපා
රිදුම් පිරිමැද හිනැහෙනා මකනය
අම්මාය ජීවිතේ වැරදි මකනා
කවිය බලන්න
