වීදී සරන ලිය
දේදුනු පැහැයෙන්
පිංතාරු කළ වත කමළ
තවරා නාදලු පැහැය
ලවන් යුග
සකසා දෙබැම හැඩයෙන්
ඉඳුදුන්නෙ
සැරසී කෙටි සායෙන්
වීදිය සිසාරා නෙත් කොනින්
බැලුම් හෙළනවා
ඉඟිමරණ තුරු නෙතක්..
සොයා ගන්නට නෝට්ටුවක්
තැඹිලි පැහැ..
වත දවන රාග ගිනි
නිවා ගන්නට නොව
දරුවන්ගේ කුසගිනි
නිවන්නට...
හිමි නැති පියස්සෙ අඩුව
උන්ට නොදැනෙන්න ...
කවිය බලන්න
