ඒ සදාදරණීය රුව
දුම්රොටු නොකඩවා අහසට නැගෙයි
දස දෙසම නිසසලයි
දස දහසක් නෙත් තෙමේ කඳුලින්
එහෙත්
දහස් නෙත දිදුළයි සතුටින්
අහස් තලයට මුසු වූ
සේත වර්ණ දුම එක් වී
ඒ සදාදරණීය රුව
අහසේ ඇඳේ යැයි
දෑස දල්වා බලා සිටියෙමි
දුමාරය පුළුන් වලාවට මුසුවෙයි
වීණාවක් පෙනී නොපෙනී යයි
පන්සිළු කුලයේ ඇබෑර්තුව සපිරෙයි.
කවිය බලන්න
