යෙහෙළියත් ඔබ, මිතුරියත් ඔබ, ඇයේ කටහඬත් ඔබමැයි!
ජීවිතේ ගංඟාවේ සැඩ පහර සමඟ පොර බැදුවාය
බලවතුන් හැම දුරින් තබාගෙන සෘජු කයින් සිටියාය
දැයට අමතක නොවන අසිරිමත් චරිතයක් වූවාය
හද බසෙහි මිහිරි පද මනරම්ව නන් ලෙසින් ගැයුවාය
ප්‍රතිභාව තුළින් සිය ජීවිතය ගොඩ නඟා ගත්තාය
කිත් යසස් ප්‍රසංශා නෙක පිදුම් නොසිතූ ලෙස ලැබුවාය
මහ පොළොව මත සොඳින් පිය නඟා දයා ඇස පැවාය
දනන් වෙත නමා හිස, හසරැල්ල හදවතින් පිදුවාය
දැරිය, තරුණය, බිරිඳ, මවක ලෙස අකම්පිත වූවාය
මහ සභා මැද නිතොර අභිමනින් ගුණ මහිම පැවාය
පිරිමි රජයන ලොවක චනස්පතියක් විලස වැඩුණාය
තෙවෙනි ලොව ගැහැනියව කියවන්න මහ පොතක් වූවාය
කවිය බලන්න
