මගේ දින සටහන් සමඟ නන්දා මාලනිය යළි කියවමි

මගේ දින සටහන් සමඟ නන්දා මාලනිය යළි කියවමි

නිශ්ශංක දිද්දෙණිය

ගීත කෝකිලාවී නන්දා මාලනිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් සම්මාන ආචාර්ය පදවියෙන් පිදුම් ලැබුවාය 2017.10.12 ඒ නයින් ඇයට සුබ පතා යැවූ කවිය සොයුරිය නන්දාවෙනි! හෙළ රස කැමි සතපන රස ගීජනනී කෙවිලිය සදිසි විකසිත මුව මඩලයෙනී නැගු ඒ සුසර සුමියුරු ගී අනුහසිනී පිදු උවසර අගයමි හදබැති පෙමිනී ළමා වියේ සිට ඔබේ සතුට ඉක්මවා අපේ සතුට දියුණු තියුණු කළ ඔබ නෙළූ විසල් ගී අස්වැන්න මහමෙරකි සිරිලකට ඊමතින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයටත් ඔබටත් අන්‍යයෝන්‍ය ගරුකව පහළ වූ මේ "අප්‍පමාද වග්ගය" ඉත සිතින් බැතිබරව අගයමි ආචාර්ය නන්දා මාලනියෙනි චිරං ජයතු සොයුරු දිගා විතර නොවිතර ගැයුම් පුවතර කෙවිලියන් උස් තැනින් පත් අතර බුහුමන් වෙසෙස් කිතුරැස් හිස් මුදුන් සරණිය ලබා අමර පදු'රුත් බෙලෙන් ඔද වැඩි මජර සිත් දපනේ දැමූ මතුළ ගී අනුහසින් සතනින් මාලනී නන්දා දිනේ ඉන්ද්‍රඛීලය ලෙසින් නොම සැලෙනා හඳින් බැවිනුත් විලස් පසඳිනා ගැයුමෙන් වෙසෙස් පත් නන්දනන් ඇගයූ නිතින් යශරාවය නැඟූ තුන් හෙළ රැසේ ගී මාතෘ පබා "ස්වස්ථි සිද්ධම්" කියා ආසිරි මල්දමින් පලදම් ගෙලේ 2023.11.28 2026.08.22 දා ඇය යන්න ගියාය. එහෙත් නොමැකුණු, චිරාත් කාලීනව නොමැකෙන ඇගේ මධුර ස්වරය අප අතර රඳවමිනි. පෙම් ලොවට විවර වූ ශිෂ්ටාචාරමය සේද මාවතෙහි හුදකලා වූ ඇය විරාජමාන වූවාය. ඒ සදානන්දකරවූ ඇගේ මධුර හඬ පෞරුෂයෙනි. රසැසුම්, ගැයුමෙන් ලද තෙලිවල පිහිට ලබමින් කෙමෙන් දැල්වූ දිවි පහන් වැට ගැලපම සුනිල නන්දාවන අඹරවට නොබසින සුපුන් සඳවිය දෙස රැස නමට කවිකම් ගී කම්ද නෑකම් අරුත් මත ප්‍රේමය කිමැයි හඳුනාගත් කෙනෙකු නැත නන්දා දැයින් සමුගන්නට පෙර නු මුත ප්‍රේමය කිමැයි පෙන්වා දුන්නෙකු ඇත.
කවිය බලන්න