වැළඳ යුගපා නැමද සමුදෙමි
සුවඳ කළ ගී මල් වනේ මුනිදහම් මල් පෙති අතර රන්දා
විළඳ සේ දිවි යැදින සකුණට එමල් රොන් දම් පවස සින්දා
වැළඳ යුගපා නැමද සමුදෙමි සමිඳු දෙව්ලොව වඩින හින්දා
දෙවිඳ සක්දෙවි දම් සභාවට සිදත් හිමි ගෙන යන්න කැන්දා
නිවා පුහුදුන් දැවෙන හදවත් සිහිල් මුනිදම් දියවරින්
ඔවා පිරි ගී ගඟුල ගැලුවා නිතින බෝසත් හදවිලෙන්
දවා කෙළෙසූන් නිවන බුදුමග ගෙවූ දිවි පින් මහිමයෙන්
බවා දුක සංසිඳේවා සුව ලබා අපරාමර නිවන්
දුරර මොහඳුර ඇසෙන ගීයෙන් දනන් සුවපත් කෙරේවා
පවර රඹුකන සිදත් පබැඳුම් මතුත් ලොව රැව් නැඟේවා
වැතිර මියෙනා දිනක දී වුව එහි සවනට ඇසේවා
නොතිර මෙසසර පුරා මතු මතු සමිඳු රුව මුණගැසේවා
කවිය බලන්න
