කුමට ගුණ වැයුම් ඇයට
දුටුවාය ඇය
රසිකාදරය
යනෙන සැම තැන
ඉදින් කුමට
නිසල සිරුර අබියස
තොරන
ගුණ වැයුම්
සැළ වූ සැණින්
ඈ නික්ම ගිය බව
රසික දන
යළි යළි
අසන්නට ගත්හ
ඈ මියුරු ගැයුම්
ඉදින් කුමට
සුසානය අබියස
කෙරෙන
ගුණ වැයුම්
කවිය බලන්න
