පූජනීය හඬ
සවන පිනවූ ජනාදරයට ඔබේ රම්‍ය සඳ කිරණ සදා සෝබමානයි
මවන සප්තස්වර රාව ලොවේ කොතැනක සිට ඇසුවත් සිතට අබිමානයි
පවන හැමුවාවූ දස අතම සශ්‍රික වී මව්බිම ජීවමානයි
ගමන සංසාරේ පුරාකෘත පිනෙන් ලබනා දිව්‍ය හඬ ඔබෙ පූජනීයයි
මුවග නැගුණාවූ බුද්ධ ගුණ වන්දනා රශ්මි ජාලනී
නෙවග හුදීජන පහන් සිත් කරලූ සුමදුර වෘන්ද වාහිනී
කියග නොහිය අති සුන්දර සංගීත රසභාව පූරණී
ලොවග දක්වා කිත් යසස් පැතිරූ ඔබය නන්දා මාලනී
Photo Credit: Sarath Perera
කවිය බලන්න
