නිකිණි පුරහඳ අන්දකාරයි

නිකිණි පුරහඳ අන්දකාරයි

ලක්ෂ්මී බෝම්බුවල

සියොළඟ ගිනියම්ව හීතල හොයන විට ..., සැතපෙන අයුරු දුටුවෙමි පිරුවටය පිට... නුඹ කඳුලැල්ල දී මතකය මිදෙන විට ඉවසනු කෙලෙස නන්දක්කේ විටින් විට... ඔබේ හඩයි "පවන"ට මුසුවී එන්නේ ඔබේ රුවයි ගුවනම අහුරා ගන්නේ, "දුවේ පුතේ ගී අමපැන් බීපන්නේ, " බලා ඉඳී තරුවක් වී සඳ තැන්නේ . "වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස " වගෙයි රණ ගොසින් අප පිනැවූ දිගැස... ගුවන් විදුලියේ කරු අයියගෙ හවස... සරස්වතිය වුවා ඔබ අප දවස .. බකිනි මල් ගොමු නිලන්කාරයි බිගුනි විහගුනි චමත්කාරයි.. සකිනි බල මැන ඇය උදාරයි. .නිකිණි පුරහඳ අන්දකාරයි..// ඇසේ ලොවම ගිනි ගන්නා ලේ පවස වැසේ කඳුලු නෙතු අග නිරතුරු දවස දිසේ ලොවක් කම්පා කර හෙට දවස අනේ ඉතිං කොහෙ යන්නද ඔබ නැති නිවස....????!!!! 2026.08.27
කවිය බලන්න