පුතාගෙන් කවියක්

පුතාගෙන් කවියක්

ලක්ෂ්මී බෝම්බුවල

සමුදුර පලා නිල් මානෙල් පිපීයන්....! හිමගිර මුදුන මුදු උණුහුම දැනීයන් කඳුලැලි මැකී සිත් සෝගිනි මැකීයන්.. මදහස නැගෙන උවනත සඳ මැවියන් තරු මුතුලැල් මැවී අහසේ පීදෙන්නයි සඳ සොමිකැන් වැදී සිතුවිලි යාවෙන්නයි.. පපුතුර මිදුනු දුක් සංකා සේදෙන්නයි දේදුන්නක් වගේ අඹරත දිස්වෙන්නයි. නුඹ නැති වූවද දුන් සෙනෙහස විදින්නෙමී 🐃 පෙර පවි ගෙවී පින් අනුමෝදන් කරන්නෙමී. හිත තුල කැකෑරෙන තනිකම් මකන්නෙමී අම්මා නැති ගෙදර පහනක් සොයන්නෙමී. ඉරුට මුවාවී ගිරවුන් යන්ට ගියේ.. සඳුට මුවාවී සාවුන් සැඟව ගියේ.., ඇහැට කඳුලු ගැබ්බර දී දිවා රැයේ.., සුසුම් පොදක් වී අම්මා යන්ට ගියේ පිළිකන්නේ වැතිර කරුවල දොවාගෙන.... වැහි පින්නේ තුවානං කැට තෙමා ගෙන... තනි මං ගමන් ගිය හැටි සිහි තියා ගෙන... ඇහිපිය දවයි මතකය ගිනි වෙලාගෙන.. ඉන්නේ කොහෙද නුඹ සැතපෙන තැනක් නැතී...! යන්නේ කිමද මං දකිනා දිනක් නැතී...! දුන්නේ දුකක් දැයි කිසිදා හිතන්නැතී....! මන්දාරම් අහස ඔබටත් කවි ගොතන්නැතී....! Photo Credit; Srinivas JD
කවිය බලන්න