නවාතැනින් එන පුතුනේ

නවාතැනින් එන පුතුනේ

ලක්ෂ්මී බෝම්බුවල

"ඉනට පලා නෙලා ගෙනේ බරට ම දර කඩා ගෙනේ " පුතු එනතුරු නවාතැනේ උඹෙ අම්මා බලාගෙනේ. හාල් මිටක් ගරමින් නේ හිනා පොදක් ඉහිමින්නේ ..." හීන පැතුම් සිඹිමින්නේ ගේ දොරකඩ දකිමින් නේ ඉල්,ඇටකටු හිනාවෙතේ ඇස් ගිලිලා හිනා වෙතේ දත් දියවී හිනාවෙතේ නවාතැනින් පුතු චඩිතේ. හකු පෑදී හිනාවෙතේ, වත කලු වී හිනාවෙතේ , කොන්ද නැමී හිනා වෙතේ , නවාතැනිං පුතු වඩිතේ.. පාළු ගහේ මුල් මැරිලා.. හීතල දිය දළු අඩලා.. පාන් තිරේ රැස් උනලා තුන් දොහකට පුතු වැඩලා . 'පොළොස් මාළුවක් ඉව්වා , අගුණ මැල්ලුමක් හැදුවා , කංට පුතේ තව ඩිංගක් ; කුම්බලාවො තෙල් දැම්මා.' 'පොඩි අක්කව මාරු කරල උඩහ ගමේ ඉස්කෝලේට ' 'මාලිගාවෙ සිල් ලැබුවා මාත් පහුණු ඇහැල මහට. ' 'ලොකු අප්පච්චිත් ඇවිදිං, වරුවක් මග බලං ඉදල , ගියා පුතේ වෙල දිහාට.. හවහ ගොහිං හදිගැහියං !' බුදු වෙන්නට පෙරුං පිරුව අප මහ බෝසතුන් වගේ උඹ එනකං මං හිටියේ , කල්ප කෙළක් ගෙව්ව වගේ. උඹත්තෙක්ක ඒ දින තුන ගෙවිල ගියේ, අසුරු සැණේ, තව වරුවක් අපේ පැලේ ඉදල යන්ට බැරිද පුතේ....? තව වරුවක් අපේ පැලේ ඉදල යන්ට බැරිද පුතේ..??? රද්දොළුගම නිවාස සංකීර්ණය
කවිය බලන්න