චූටි දූගෙ විභාගෙ ඉවරයි

චූටි දූගෙ විභාගෙ ඉවරයි

ලක්ෂ්මී බෝම්බුවල

කෘදන්ත තද්දිත සමාස දෙගොඩ තලා ගලා යනවා. ඉස්පිලි පාපිලි ඇලපිළි නින්ද නැතුව හති අරිනව...... කොමිබු ගොඩේ නණලළ ඇහිපිල්ලන් පිඹ හූල්ලනව. යන්තං 'මව් බස 'ඉවරයි අද නං මට නින්ද. යනව. ඔන්න බබෝ ඇතින්නියා ගලිං ගලට පනින්නෙපා. ! පින්න කැලේ රෝස පැටව් හෙමිහිට හංගන්න එපා.. ඉන්නා දිහාවක තනිකම් දෝස මොකුත් වෙන්න එපා අම්මා නැති කලට ඉතිං බඩගිනි නං වෙන්ට එපා... 'වස්සානේ' කවි මිහිරෙන් පුන්චි හිතේ මල් පිපුනා. .. අස්සැන්නක් නෙලාගන්ට කල්පයක් ම පෙරුම් පිරුනා.. උස්සාගෙන බර කන්දක් දෙගොඩහරියෙ මං ඇහැරුනා... ගස්සා ගෙන යන්න ගිහිං පැතුම් පොකුරු බිම ඉහිරුනා . ආයෙත් නං බෑ අම්මේ කරන්ට මේ හැටි විබාග කට පාඩම් කරත් බැහැ නෙ උත්තර ඉරි තිත් විබාග තෝරන්නට සමාන පද අවුල් ගොඩක් මැද විබාග..... 'මව් බස' මේ හැටි අමාරු ඇයි ඇත්තට බොරු විබාග..?? හා හා හරි හාවා..කැලේ මැදින් ආවා... කවි කිය.කිය දීවා පුන්චි කාලෙ ඒවා.. දැන්නං ඛැහැ මේවා 'සිලබර්ස් 'එකටයි කීවා ,පෙන්නාගෙන හිනා කටක් ගුරු මව්වරු ලීවා. ඉරේ ඉතින් නිදියෙනවද අහස් ගැබේ රතු පාටින්.. තරුවක් වී එන්න හිතයි පාට කූරු දෑතෙ තියන් හද කළුවර බින්දු දිගේ අහසට පාලමක් අරන් සින්ඩරෙලා වක් වී මට,ඉන්න බැරිද හැන්ගි හොරෙන් 2025.06.18
කවිය බලන්න