වීතරාගී යුවතිය.

වීතරාගී යුවතිය.

ලක්ෂ්මී බෝම්බුවල

බෝ සරා සැරිසරා
ලෝ පුරා. මල්සරා
විදින්නේ ..හීසරය
ලමැදටම...

"කෝ ඉතිං ..
සිනාසුන මුතුදසුන් ..ඉහිර.ගිය වග ඉතිං නෑගේ ද මලනුවේ...!
අරි අටැගි මග ට මා පිවිසුණේ පොහෝ දින
කෙලෙස් මග පසෙක ලා බවුන් වඩනට ගිවිස..
සුදම් සැප සොයමි මං...

"අත් වැරැද්දක් ද වුනේ
නැගනියෙනි මාතින්,...." හඩන්නෙ ද මල්සරා...පපුව ගිනියම් වෙලා ...?
දුනු.හීද ගිලිහිලා..දුක්ගීය ඇවිලිලා අනග රග ඉහිරිලා..,

පිරුවටය
උරපත්හි ලා..,නැමඳ
බෝ මළුව වැඳ...
සක්මනේ යෙදෙන්නී..
නව යොවුන් උවැසියක..
නීල නූවන් .කැන් විදී සක්මනේ...සිහිලසේ
බවුන් වඩනා නිතින.
පෙමින් බැඳෙනා හිතක්
නොමැත මට තවත් නං
කෙලෙස් මල අළු කරන
පාරමී දම් පුරන,

"මාවතේ හිඳිමි මම....
මල්සරා සෝයුරේ...
නීල දිගු වරලස ද..
සිඳ හලෙමි ..
පීන පයෝධර යුවල..
තදින් ඇත බැඳ දමා
අඳන පටයේ උඩින්...

පාළු අඳුරු මාවතේ..
ඇඳිවතට පමණි හිමි.

මුදාහළ හීසරය
යොමා කුළුනැස තෙමා
දමා හළ මැන .
වෙනතකට.

සරතැසක් නැත ඉතිං
සිහිලස ක් ඇත හිතේ.. "

සරාගී සුනෙර ගිර
සුණුවිසුණු කොට වෙරෙන්,
කෙලෙස් ගිනි නිවා ,නොපමා
බවුන් සුව
සුව විඳින්නට. ..පැමිණියෙමි
මාවතේ අරි අටැගි පිළිවිතේ ...
සැතපුනා සුවපත්ව..
සිලිලාරයක සිහිලසේ...
තැන්පත් ව
යොවුන් සිත....

**********

රද්දොළුගම නිවාස සංකීර්ණය

2026.. මාර්තු ..

කවිය බලන්න