සරල මිහිදිනියේ උතුම් නිර්වාණයෙන් සැනසේවා ,,

සරල මිහිදිනියේ උතුම් නිර්වාණයෙන් සැනසේවා ,,

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

නෙතකි බිඳු වැටී දුකකින් ගලාවෙකි සිතකි බිඳි හැටී හසකැන් හලාවෙකි හදකි කොන් නැසී විලතර දැවූවෙකි හඬකි අද නැතී කෙවිළිය ගියාවෙකි අඩසඳ අතර තනි තරුවක් දිලිසේද මිහිමැද ගීය ඇය පුරසඳ ඇසුනේද වඳනද දැයට උරුමය මයි රැකුනේද පවනද ගෙන ගියේ දුරකට දැනුණේද සරලයි සුමට බස අමතන කලාවයි විරලයි පද වැලට අරුතකි නිමාවයි තරලයි ගැබට සේලය රිවි උනාමයි හරයයි හෙළට උතුමිය ගුණ ගෙනාවයි උවනත සිනා කැන් බේරී වැටෙන කත පවනත හාදු මල් ගවසා සිඹින වත ගුවනත දියමලින් නහවා පෙනන ලත ලවනත පද වැලකි නුඹ හැම පිනන සත සසරම මඟ අතැර කෙවිළිය ගියාම දහරම අමා දිය නැහැවී ගියාම උවනම මුනිඳු පේවීලා ගියාම සවනම රැඳී දම්සක් මඟ ගියාම දෑල එළිසමය කොට ගෙතූවෙම්,,,
කවිය බලන්න