තනි නොතනියට
තනි නොතනියට
නෙත ලඟ රැඳි නුඹ
හින්දා
හද මැද දිරිය
පිරිලා හරියට
කන්ඳා
සිඳ නොම වේය
කිසිදින බැමි ඇත
බන්දා
ඉමි සසරේම
ගුණ කඳ වෙයි මගෙ
රන්ඳා
වැදි වැදි අකුල් ඒ මේ අත
වැදෙන සද
රිදි රිදි ගියද අවනත නොව
මහද මැද
ලැදි ලැදි මුවඟ මයෙ දෙනෙතේ පිපෙන සඳ
සිදි සිදි ගියා අවරට දොර පලුව බිඳ
මඳනල රහට නුඹෙ සුවඳම බෙදන නියා
අවපස සඳද මුහුණට වන් සිසිල තියා
ලවනත සුහුරු පද ඉහිරිය පෙමට වියා
මඳහස තුරුණු විය අමතයි නෙතුද පියා
පෙම් වැල් නැවුම් වී ගයනා හෝරාවයි
දම් වැල් බැඳී අමුණන මේ
ආදරයයි
ගුම් නඳ නැඟී බිඟුවන් පෑ තාලයමයි
නිම් හිම් නොවේ දෙහදක් පිපි
කාලයකයි
නෙත ලඟ රැඳි නුඹ
හින්දා
හද මැද දිරිය
පිරිලා හරියට
කන්ඳා
සිඳ නොම වේය
කිසිදින බැමි ඇත
බන්දා
ඉමි සසරේම
ගුණ කඳ වෙයි මගෙ
රන්ඳා
වැදි වැදි අකුල් ඒ මේ අත
වැදෙන සද
රිදි රිදි ගියද අවනත නොව
මහද මැද
ලැදි ලැදි මුවඟ මයෙ දෙනෙතේ පිපෙන සඳ
සිදි සිදි ගියා අවරට දොර පලුව බිඳ
මඳනල රහට නුඹෙ සුවඳම බෙදන නියා
අවපස සඳද මුහුණට වන් සිසිල තියා
ලවනත සුහුරු පද ඉහිරිය පෙමට වියා
මඳහස තුරුණු විය අමතයි නෙතුද පියා
පෙම් වැල් නැවුම් වී ගයනා හෝරාවයි
දම් වැල් බැඳී අමුණන මේ
ආදරයයි
ගුම් නඳ නැඟී බිඟුවන් පෑ තාලයමයි
නිම් හිම් නොවේ දෙහදක් පිපි
කාලයකයි
කවිය බලන්න
