හුරු නුහුරු සුගන්ධය ,,,😔

හුරු නුහුරු සුගන්ධය ,,,😔

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

බරම කඳුළක හැඩය දුටුවා අවර බැසයන දිසාවේ
අරුණ නොපැමිණි අයුරු සිතුනේ බිඳුණු කටහඬෙ ලතාවේ
තැවුණු පහරක මැරුණු පදවැල් ගීය නොගැයූ කතාවේ
ඉවුර බිඳිලා දෝරෙ ගැලුවා අඳුරු ගංදැලෙ කලාවේ

මතක ගොන්නක් ලෙහුවෙ පැඳුරේ කොණක එල්ලී හඬාලා
අතක තිබුණේ එදා මිහිරෙන් ලිව්ව කවියක් ඔතාලා
සිතක පෑරුණු දාර සෙනෙහස අඟුවෙ මුල්ලේ වැටීලා
පපුව රිඳුමද පෙන්නුවේ නෑ කතර වේලී පැලීලා

අතරමඟකදි අම්බලම මැද නිදන්නට ඇති හිත පුරා
නතර වෙන්නට පුරුදු වෙන්නැති අතරෙ එන උන් මත සරා
ඉතිර සොම්නස එතෙර වෙන්නට දොහක් ඒ යැයි දිවි කරා
නොසිත ඉන්නැති අවර බැස්මක් කවර කරුමේ හිස දරා

පුරුදු ගමනම දිනක එනදා නුහුරු නොව්නත් මතක නෑ
එදා ගිය මුත් අදත් යන බව බිඳක් වත් එය දන්නෙ නෑ
සසරෙ ගැඹුරුම කර්ම ගනුදෙනු දෙඩූවා මිස සිතුවෙ නෑ
අඳුරු සවසක අරලියාවකි කෙනෙක් වෙනනම් රැඳුණෙ නෑ

මිහිර වේ නම් අමිහිරිම රස දෙරස තිබුණා ජීවිතේ
සුවඳ වේ නම් ගන්ධතාවත් එතැන පිරුණා මීවිතේ
අරුණ ආවොත් සැඳෑ කාලේ පිපේ හෙදිරික මාවතේ
සතුට මුසුවූ කඳුළු අරණකි භවේ යනදා හාමතේ

කවිය බලන්න