අපි අපිම ගැන.......
සසඳන්නෙමී මම
අපි අපිම ගැන
නොගැලපෙන තැන්
අපේ ජීවිතයේ
අතීතය පාඩම් කියා දෙනවා
නොදුටු නොඇසුන
හිතට නොදැනුන
කාරණා සැඟවී තිබූ
අන්ධ කර දෙනුවන්
මවන මායාවේ
විඳවීම ඉවසා හිඳීමක්
වින්දනය සේ ජීවිතේ
අතහැරුන තැන
අගය ඉස්මතු වී
සොයනවා රස
සොය සොයා හුන් තැන්
ලද පමණ මුලු
ලොවම සේ සලකා
ගුලි වෙනව එහි
සවන නෙත පියවා
මිඳුනු දා සිත
පවුරු සීමාවන්
ඇරෙනවා නෙත
ලෝකයට නිදහස්
යටත් වීමක්
තටු සිඳීමක් නෑ
හදවතයි පනවන්නෙ
සීමාවන්
එයයි නීතිය ආදරේ
විනිශ්චය හිත
සාක්ෂිය හර්දේ
මං දී
කවිය බලන්න
