සඳවතී....

සඳවතී....

දීපාල් කොග්ගලහේවා

නුඹ ඇවිත් අහසේ
නොමැතිවම ආරාධනා
එනවා
ඒවගෙම නොකියා
නොපෙනීම යනවා
එනවා යනවා
රැඳීමක් හෙම නෑ
තරු ඇතත් පායා
නුඹ කැපී පෙනුනා
ඇවිත් යන්නත්
ගිහින් එන්නත්
එරෙහි වීමක් නෑ
කවදත්
අහස දන්නෙත් නෑ
හුරු වෙලා පොලොවත්
ලෙන්ගතුයි කවදත්
ප්‍රේමයක් නොවුනත්
සොඳුරු ලෙන්ගතුවක්
සඳ යෙදෙන ගමනේ
නිවී සැනහෙයි
පොලෝ තල ගිමනේ

මං දී

කවිය බලන්න