තාරකාවියේ
පහන්දොර දුර
ඈත ආකාසේ
තාරකාවියේ
ඇයි සොයා ආවේ
පායා
අඳුරු ආකාසේ මගේ
ගිම්හාන ගිමනේ
වසන්තය පියමං වෙලා
මරණයට මම ඉමි බලා
ඉර නිවෙන අහසේ
මෝදුවෙන ගණ කලුවරේ
හිඳිමි මම රහසේ
පිරෙන්නට දෙන්නට එපා
ඔය හිත
මා නමින් බුහුමන්
හිස්තැනට පිරවෙන්න ආදරයෙන්
ඉඩ තිබිය යුතු ඔය හිතේ අභිමන්
වසන්තය ඔබගේ
හඹා එන බමරුන් පලා යයි
මත්ව සුවඳින් උරා බී රස රොන්
කටුවටත් නටුවේ රකිනු බැරි
මලට නැත සුරැකුම්
පය තියන තැන හරි පරිස්සමින්
මං දී
