සඳ ඇයි මෙතරම් නපුරු
මාවවුල් අඳුරු කැටි
අඳුරු සළු පොරවගත්
අඹ රුකෙහි මධුසාද
කණමැදිරි රෑබදුලු
අතරමං වී අඳුර
එහෙ මෙහෙ සැරිසරන
සේපාලිකා කඩුපුල්
මත් ව සුවඳින් සුමිහිරි
පැටලී වාදයක
සඳ නැහැ තවමත් ඇවිදින් අහසට
අන්ධකාර තෙළිතුඩින්
රාත්‍රිය... අහස මත අඳින
ඒ මනකල් සිත්තම
වැහිබර අඳුරු අහසේ
විදුලි එළි දැල්වී නිවෙන
ඈත තරුවක් තනිවම හිනැහෙන
ඒ මනකල් සිත්තම
සඳ නැහැ තවමත් ඇවිදින් අහසට
මොහොතකින් නුඹ ඇවිත් අහසට
සඳ වතුරෙන් සෝදා හැර
අන්ධකාරයේ ඒ මනකල් සිත්තම
මකා දමනුයෙ කිම ද
මේ තරම් නපුරු ලෙස.
කවිය බලන්න
