කොතරම් සොඳුරු ද අද මෙතරම්.............!!!
දවස පිපී අවිත් වේගයෙන් බැස යද්දී අපි හෙමින් ගමනක
නොවේදැයි සිතෙන්නේ
පටන් ගත් කාරී නිමා නොවූ කල්හිය.
ඊයේ මා හමු වූ ඔබ අද මා සමග නැත.
සමහරවිට හෙට ඔබට මා හමුවෙනු ඇත.
එහෙත් හෙට සිටින්නේ ඊයේ මා දුටු අද මා පැතු ඔබ නොවේ.
ඒ ඔබමයැ ඔබ සිතූවත් මා දකින්නේ මා දුටු ඔබ නොවේ.
වෙනස් වූයේ
මා ද ඔබද මා නොදනී
එහෙත් අප සිටී.
මා ඔබ සොයන්නේ ඇයි ද මම නොදනිමි
එවිට ඔබ මා නොසොයන බව මට සිතෙන්නේ ඇයි....?
එහෙත් ඔබ සොයන්නේ පතන්නේ මා බව කියයි...........
ඊයේ අද වූවා සේ
අද හෙට වෙයි.
ඊයේ දැරියක වූ ඔබ
අද තරුණියක වී
හෙට පතිනියක නිසාද...................?
මම කිසිත් නොසිතමි
මට ඊයේ හෝ හෙට
දැන් නොවේ පලක්
මම අද සමග සිටිමි.
ඊයේ සමගින් අතිනත්
ගත් ඔබ හෙට ගැන මැවූ සුයාමයක බැඳී ඇත.
අද සමග සිටින මා ඔබට අනුව අනුන් ගැන නොසිතන්නෙකි.
අලජ්ජියෙකි. අවුලෙකි.
මම එසේම සිටිමි.
ඔබට හෙට හා සිටිය හැකි ය.
අදත් හෙටත් අතර ඇත්තේ එක් සිතුම් මතක් පමණි.
දුර ඈත පෙනෙන සොඳුරු වළා මැද සෙමින් වර්ණිත සුළං රැලි මාලාවක්ව ඔබ හෙට පියාඹනු ඇත.
ඔබ සිහිනය දකිමින් සිටී.
මම සිහින දැක ඇත්තෙමි.
අද මම වෙමි.
මම අද වෙමි.
Photo Credit: Armand Khoury
කවිය බලන්න
