එල්ලුම් ගස ඕනෑ!
පිළිම සැමරුම් ඇති නගර මැද
කඩා එල්ලුම් ගස්ද කුරුසද
සැදූවොත් හැකිවෙයිද අපහට
ගලවා ගන්නට පුණ්‍ය භූමිය?
තනනු වෙනුවට සාමෙ සමගිය
බෙදුම් ඇතිකර වෛරෙ පතුරන
කියාදෙනු බැරි මෙය මිනිස්කම
සියළු ආගම් එල්ලා පළමුව
සදනු නොහැකිව ගුණැති මිනිසුන්
උද්දච්ච මෝඩයින් බිහිකර
අධම අණුවන දනා උපදන
එල්ලා මරනුව අද්දියාපනයද
මහජාති සුළුජාති කියමින
කුල බේද නෙක බේද සොයමින
තලා පෙලනා රටෙහි වැසියන
ජාතිවාදයෙ බොටුව හිරකර
එල්ලා මරණුව ඒත් එක්කම
හාල්මැස්සන් දැලට කොටුකර
තෝරු මෝරුන් දමන අතහැර
නීති අධිකරණත් සභාමැද
එල්ලා මරණුව හුස්ම හිරකර
පාලකයො මිණිමරූ දූෂිත
නසාලන හෙට දවස දැයකම
එකෙක් නෑරම එදා සිට අද
එල්ලා මරමුය ප්‍රසිද්ධියෙ ගෙන
එයින් පසුවත් ඉතිරිවුවහොත්
කොල්ලකරුවන් මිනීමරුවන්
දූෂකයො හා වැරදිකරුවන්
එල්ලා මරමුද අවසානයට ?
කවිය බලන්න
