මම මා දුටිමි

මම මා දුටිමි

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ලෝකය දර්පනයකි මම මා එහි දකිමි මගේ උපත නොදිටිමි මගේ උපත ද එහි දිටිමිි මවගෙ ඇකයේ ඇගේ සෙනෙහසට තූරුළු ව අමා බිව් සැටි නොදිටිමි දර්පනය තුළ එ ද දකිමි. දණින් හිඳ කෙළ ධූලි ගාලා කළ කිසිත් නොදනිමි දරු මුුණුපුරන්ගෙන් එ ද අද දුටුවෙමි මව මගේ , පියාණන් උන් සෙනෙහස එහි යටි පෙළ මා තුළින් මම දකිමි පසක් කරමි බස අකුරු නොදත් මට සිප් හලින් එ ද යන මඟ ද සාදා එදා දුන් හැටි දකිමි එක් ව අකුරු කර එක් ව හා කෙළ දබර කර අමනාප ව යාළු වෙන්නට කලක් වූ බව දකිමි සරසවිය දුටුවෙමි යෞවන උද්දාමයෙන් හුනිමි ප්‍රේමය ද දුටුවෙමි හැඳින්නෙමි අත් කළ යුතු පරම සිහිනය එය බව එදා සිතුවෙමි එදා පෙනුනේ ද එහෙමය වෙන කිසිත් පෙනෙන මානෙක නොදිටිමි අත්කළෙමි ප්‍රේමය දිිණුවෙමි එක මඟ එකට යන්නට පිළිණ හුවමාරු කර ගතිමු ජීවිතය නම් දෙයක් පෙර මඟ විය ගඟ ගලන්නේ වංගු ගල් පර අතරිනි ගල් පර මැදින් යන විට උත්තරීතර ප්‍රේමය ගෙවී ගොස් එහි හැඩ රුව වෙනස් වනු දුටුවෙමි එය උත්කර්ෂයට නැං වූ තාවකාලික ප්‍රලාපයක් බව පසක් කළෙම් අප බැඳි, බැඳෙන හුය රාගය ම මිස ප්‍රේමය නොවන බව මුල් වරට දුටුවෙමි සැඩ පහර ඇති විට සැබෑ සේ සිතා රැක ගත් සිහින ගල්පර වැදී සුනුවිසිණු වනු දුටුවෙමි ගං දෑල තුරු මත සොඳුරු මල් ඉහල අතුවල පෙනුනත් මන්ද මාරුතයේ යාවෙන ඒ සුවඳ මට ද දැනුනත් විහඟ ගීයට හිත දැහැනකට සමවැදුනත් ගලන ගඟ දිග ම යනු මිස නවතින්න බැරි විය මා එසේ සිතා සිටියත් හැකි වගේ මට පෙනුනත් අන්තිමේ දී ගඟ තැනිතලාවකට පැමිණ ඇත එය සරු ද නැත නිසරු ද නැත හතර වට දැන් පෙනේ පෙර නොදුටු පමණට බොහෝ ඈතට සැඳෑ කළුවර පියමං කර මළ හිරු ගිලෙන යාමෙක දෙනක රැඳි මා සිරුර කරින් ගෙන පිය මනින මගේ නෑසිය මිතුරු කැළ දුටුවෙමි උන්ගේ නොයිවසිලි සිත් ද දුටුුුුවෙමි අතර මඟ දමා ආ බොහෝ වැඩ උන්ට ඇත වහ වහා ගොස් ඒවා යහතින් ද බැලිය යුතුය. වහා ඇරඹිය යුතු ය නික්ම යාමක් ගැන සිතිවිළි මාත්‍රයක්වත් සිත් කොණකවත් නැත එවන් මොහොතක මම උන් සැම දුටිමි මම මා ද දුටිමි මුල් වරට අතීත වර්තමාන අනාගත කාලයෙන් දුටිමි මගේ යයි සිතා සිටි කිසිත් මට හිමි නැති බව පසක් කළෙමි මෙතෙක් ආ මඟ කළ කී දෑ අරුත් තනිව පසිඳමි 10-11-25
කවිය බලන්න