නුවර වීදී සරන්න එයි වාසනාව රුහුණු රටින්........

නුවර වීදී සරන්න එයි වාසනාව රුහුණු රටින්........

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සිරිදළදා කරඩුවගෙන පින්බලයෙන් කරමතින් නුවර වීදී සරන්න එයි වාසනාව රුහුණු රටින්........ සන්සුන් විලසින් ඇතු මගට බසින්නේ ගෙනදුන් සියපත් සො‍ඬේ දරන්නේ ගිජිඳුන් මල්ගෙන වෙහෙරට යන්නේ නවමින් දණහිස සෑය වඳින්නේ බුදුමැදුරට ගොස් බුදුන් වඳින්නේ බොදුබැතියකි ඒ දෙනෙත පෙනෙන්නේ දෙව්මැදුරට ගොස් සුරිඳු පුදන්නේ දෙව් බැතියකි ඒ ‍දෙනෙත දිලෙන්නේ නැදුනගමුව වඩමවද්දි සිරිදළදා කරඬුව දෑලේ ගිය වාසනාට දුන් ඔවදන් සිහිව පුරවන්න‍ට පෙරහැරදා නැදුන් රජුනැති අඩුව සෙංකඩගල නුවර ඒවි වාසනාව හද බැතිව කඳසුරිඳුන් වඩමවන්න බැඳි බැමි ලිහුනේ මැණික් ග‍ඟෙන් දියනාගෙන පිරිසිදු කෙරුනේ නිමකරවා කතරගමේ පෙරහැර සොඳිනේ සිරිදළදා වඩම්මන්න නුවරට එන්නේ
කවිය බලන්න