තුරු මුදුන ගිරි සිරස අබියස හිරුත් උදයට වදිනවා.....
තුරු මුදුන ගිරි සිරස අබියස හිරුත් උදයට වදිනවා
පැතුම් බර පොදි පිටේ බැදගෙන අපිත් සමනළ නගිනවා
හඩ නගන සැඩ සුළං විටෙකදි හිතත් බියපත් කරනවා
ඒත් අක්කේ හිතට අරගෙන ලිහිණි ගල පහු කරනවා
වාරකන් සැඩ සුළං මැද්දෙත් ඔරුව මූදට දමනවා
පාරවල් නැති මූද මැද්දෙත් අපට පාරක් තියෙනවා
තෙරක් නොපෙනෙන තරගයක් මැද ඔහේ මේ අපි දුවනවා
මං ලකුණු ඇති වීදි මැද්දෙත් අපිට අපි මග හැරෙනවා
විභාගය, කඩිමුඩිය අස්සේ කපාගෙන අපි දුවනවා
කප්පරේකට පිරුණු සහතික මිටිම මිටි පොදි බදිනවා
හිතක් පපුවක් නැතිද මන්දා අපිම අපි නැති කරනවා
ඉඩක් ලැබුණොත් ෂුවර් එකටම අක්කෙ මම රට පනිනවා
කවිය බලන්න
