යෝජනාව

යෝජනාව

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

ආරංචිය දන්නවාද කෙල්ලෙ ළඟදි වුණ එහා ගෙදර ගෑනි පොලෝසිය ගෙන්නා ගෙන ගතු කේළම් කියා තමුන්ගෙම මිනිහා ගැන ලොකප් කරවලා මහ උළු ගෙදර යවන තැන නොදෝමකින් මිනිස්සු නම් ඔහොමයි රට තොට හොඳයි කියල එකෙක් නෑනෙ නිකමට බේතට මගෙ මිනිහත් හිටියට නෑ කිසි වැදගැම්මෙට මොනව කරන්නද ගෙවනව බැඳගත් කරුමෙට ආයිත් නම් කසාද අරහං මගෙ ජීවිතේ තනිකඩ කම සම්පතක්ය දාහෙන් හැම අතේ ඒකයැ බං කෙල්ලෙ උඹගෙ කල දවසත් යතේ හොයලා ගමු යස කොල්ලෙක් ඇති ලෙසටම හිතේ
කවිය බලන්න