සසර ගනුදෙනු

සසර ගනුදෙනු

රංජනී කොස්තා නවසීලන්තය

අහඹුවක්ව ඔබ හමුවුන මොහොතක හිත රැඳී එකදු කිසිම සිතිවිල්ලක හුරුකම් නොම රැඳී එක්වයන්න දිවිගමනක ගෙන අත්වැල් රැඳී සසරපුරා ආ ගමනක මතකයෙ හිතරැඳී සිහිනසරන සිතිවිලි සිත කැලතුන හැමදිනේ සෙනෙහෙපිරුණු රැකවරනය හිතපතුලෙම දැනේ පෙරුම්පුරපු ආදරයක මංසලකුනු පෙනේ හිතම නිවන මුදුසුවඳක මනපිනවයි සෙනේ සඳපායපු ගනඅඳුරක වළාරොදක සැඟවි තරුපිරිවර සමඟ මුකුළු කරන සෙනෙහෙ නතුවි සතුට ඉහිරි සුවදසුනක හිතපතුලෙම හුරුවි දයාබරව කැලුම් හෙලන ආදරයක නතුව් ගලන දොලක පිණිබිඳු ඉහි සිහිල හිතට පෙරා දිලෙන නිදැල්ලේ තරුමල් හිතට ඉඟිමකරා රුවින පිරුනු සඳඑළිමත රැයම පහසදරා පිනම පිරුනු ඕවිල්ලක භවය නිමාකරා,,,,,,,,,,,,, ඉතිලියේ සිට Photo Credit; Vows on the Move
කවිය බලන්න