පහන්ටැඹවී නුඹම හිටියා
හිනාමල්පොඩි පිරුනු වුවනක්
හැම පැයේමත් දුටුව හින්දා
දෙනෙත් ඔරවන තරවටුව වුව
හිතේ කොනකම තිබුනහින්දා
එකකරන්හැම දරුපැටවුටික
පියතුමගෙ උනුහුමම වින්දා
ඇඳුන සේයා අදත් හිතතුළ
මැකිලනැහැ ,කල් ගතවහින්දා
ඔබත් පහුකර එන්න ඇතිදුර
නිමක් නොදකින වෙහෙසවින්දා
මැලව පරවුන වතක් ඔබගෙන්
දුටුබවක් සිහි නැතිමහින්දා
දෙඅත් හිත්බැඳ සතුට අත්විඳ
මමත් යුගදිවි ආවහින්දා
ඉතින් ටිකටික පහුකළාවෙද
ඔබෙම මතකය සවියෙ රන්දා
යන්න දිවිමග පාරකියනා
ලෙංගතුම සෙනෙහස හිතවෙලා
දැනුන අම්මේ හෙවන දෙනබව
මහානියඟෙට ,වට වැහිවෙලා
හිතමපතුලේ සිතුම් අරනට
ඔබෙ උනුහුමම නිති තවරලා
පාරකියුබව හැඟුන හැමදින
රිදුන හිතයට ,ඔබ හැඟවිලා
සෙනෙහසින් පිදු එකම බැල්මම
දිවිපුරා මගෙ මතකෙ රන්දා
ඔබනැතත් ලඟ දැනුන ආදරෙ
හිතම පුරවන් උන්නු හින්දා
ආව දිවිමඟ ඔබගෙ නාමෙට
සියදහස්වර වැන්දහින්දා
ලියන්නට මව්ගුණයෙ ගීතය
දන්න අකුරුත් මදිද මන්දා
ඉතාලියේ සිට
කවිය බලන්න
