සිපිරි ගෙදර කතාවක්
අතින් අල්ලන් අපේ දරුවන්
මම ආවේ ස්වාමිනි
එන්න ඕනා තැනකට නම් නොවේ
තාත්තා කෝ කියා පුංචි පැටවුන්
හඬන හින්දයි
හිත හදාගෙන මම ආවේ
පාප මිතුරන් ඇසුරේ වෙළීලා
මත් රකුසගේ ගොදුරක් වෙලා
අපේ නිවහන ගිනි තබා නුඹ
කඳුළු සයුරේ අප ගිල්වලා
නුඹේම රුධිරය ඇඟේ ගලනා
කිරි සප්පයෝ දෙසවත් බලා
හිත හදාගන්නට බැරිද දැන්වත්
සිපිරි ගෙය තුළ යළි සිර නොවී
සාන්ත මරියා සිද්ධස්ථානය
කවිය බලන්න
