වසත් කල නිම වෙලා

වසත් කල නිම වෙලා

ගරු සනත් කුමාර ප්‍රනාන්දු පියතුමා (දි. ගැ. නි. ) මහනුවර

මගේ කැඩපත හරිම නපුරුයි
පෙනෙන දසුනත් වියැකිලා …
එකින් එක ගලවන්න බැරි ලෙස
ඉදුණු කෙස් ගොඩ වැඩි වෙලා …
මටම සරදම් කරන තරමට
මගේ රූපය වැහැරිලා...

හරිම පුදුමයි නොසිතු විදිහට
වසත් කාලය නිම වෙලා...
පනහ පැනලා කියලා දැනුණත්
තවම තරුණයි සිතෙනවා…
නොයා වයසට ඉන්න හැකි නම්
මගේ කැඩපත බිඳිනවා...

සාන්ත මරියා සිද්ධස්ථානය
මහනුවර

කවිය බලන්න