වෙසඟේ අසිරිය
මඳ නල තුරුලිය නළවනා
පුන්සඳ අහසේ හිනැහෙනා
වෙසක් සුළඟේ දිදුලනා
ඉද්ද වතු සුදු බැතියෙනා
සලා වන පෙත තඹර කුසුමන් මතින් ගෙන ආ අසිරියයි
නදී දිය මත රටා අඳිනා සඳේ එළියත් මනහරයි
සිළෙන් සිළ ගෙන පහන් දල්වා ලොවම බබළන කාලයයි
ළමා සාරියෙන් සැරසී බැති ගීත ගයනා රාවයයි
නෙක විසිතුරු වෙසක් පහනින් වීදි සරසන අසිරියයි
සිල් සුවඳ මැද නිවන් දුර කෙටි කර ගන්න සමහරු වෙර දරයි
අමා බුදු හිමි දෙසු දහමින් ලොව එකලු කරනා අරුමයයි
මිදී දන්සල් පෝලිමෙන් බුදු සමිඳු වැඳිය යුතු කාලයයි
සාන්ත මරියා සිද්ධස්ථානය
මහනුවර
