ලොකු අක්කා
මවක් වගේ මව නැතිදා
අතට අරන් වගකීම
සොවක් හිතේ උපදින්නට
නොදී පවුල ගෙන යාම
ලොවක් වටින ඇගෙ සෙනෙහස
ලැබ දුන්නේ පන සේම
රුවක් දිලේ ලොකු අක්කා
මිණි පහනකි නිවසේම
බසක් නොතේරෙන වයසේ
පොඩි පැටවුන් තුරුළු කරන්
රසක් දිදී උන්ගේ කුස්
පුරවන්නට වෙහෙස දරන්
දොසක් වන්න ඉඩ නොතබා
ලොකු අක්කා වෙහෙස අරන්
විසක් හිතේ නැත කිසිවිට
සොයුරු සෙනේ සතුට එ'රන්
කල් බලාන බැල්ම හෙලා
සිටියත් ඇය වෙතට හොරා
මල් සරාට යන්න වුනා
අත රැඳ මල් දුන්න දරා
සිල් පුරාන දිවි කැපකර
මව් සෙනෙහේ ලෙයට උරා
මල් පැල මෙන් රැක්කෙ
ඔවුන් අක්කා තම දිවිය මරා
කවිය බලන්න
