මහ පැරකුම් රජ
අහසින් බිම වැටෙනා දිය බිඳුවත් ගෙන රඳවා
මහ වැව් බැද අපතේ එය යන මං වට කෙරුවා
සරු කෙත්වතු සකසන්නට. වෙර වීරිය යෙදුවා
පැරකුම් මහ නිරිඳුන් කල ඉසුරින් රට නැගුවා
ඇළවල් දිය ගෙනෙමින් කෙත සොයමින් දුර ඇදෙනා
මිහිමව් හට පොවමින් මය ගොවියන් සරු කරනා
සසරැල් සිරි මවමින් නෙක රැඟුමන් ලෙස රඟනා
සැදෙමින් එම ගොයමත් සිත සතුටින් අත වනනා
සහලින් බත සකසන්නට මෙතරම් වැඩ කරවූ
පැරකුම් රජ සිරිලක් බිම ඉහළින් නම රැඳවූ
ඉතිහාසය තුල රන් මය යුගයක් ලෙස ලියවූ
දැහැමින් පිරි දනසිත් දිනු උතුමක් විය බිහිවූ
කවිය බලන්න
