උදෑසන

උදෑසන

ලුෂානි දමයන්ති කැකිරාව

තුරුළිය මතින් දිඳුළන විට පිනිදිය පෙරබර දෙසින් හිරු කිරණත් විහිදිය ⁣සතුටින් සොබා දම් කුමරිය පැහැදිය විල් මත නෙලුම් මානෙල් මල් පිබිඳිය අතු මත සැඟව කොඳුරන ඒ මුණු මුණුව සියොතුන් රැස්ව සඳමින් ඇත ගී තනුව නියම්ත රාග තාලයකට ගෙන වැනුව රසයක් ගෙනත් දෙයි සවනට උණු උණුව ගැයුව නමුත් විටෙකදි ගීයක් විරහ කුරුළු කොබෙයියන් ලඟ නම් නෑ තරහ ඉඟිළ යද්දි කඳු බෑවුම් වල හරහ දැකුම නෙතට සොඳුරුම දසුනකි එ'රහ අත්තෙන් අත්ත පැන සෙල්ලම් කරමින් ලේනුන් ඇඳෙයි රස පලතුරු සොයමින් ⁣රුං රුං ගගා බඹරුන් පෙළ ගැසෙමින් ⁣මල් වල රොනට පැමිණෙයි ගී ගයමින් ⁣ Photo Credit; Damian Markutt
කවිය බලන්න