සුරලොව උදෑසන..!

සුරලොව උදෑසන..!

නයනශාන්ති දිසානායක

රනගිර කුළු මතින සුර ලොව එකළු කරමින එ'රන් හිරු මඬලින පෙරී ආ අරුණැල්ල බැබළින නැඟ සුරතුර මතට සන් කර සදෙව් තලයට සුර සැවුලා නදට පිඹිදි සුරඹුන් අතැර නිදි ගැට මාතලී දෙව් පුත් සුර සිඳුන් සනහා සිත් යොදා නෙක සේසත් දිව රථය කරවීය මනමත් සුසර කර වෙණ තත් පන්සිළු වයයි නව මත් කර සිත අසිරිමත් දිනනු සූරියවච්චසා සිත් බරණිඳු ගෙ අණසක නිසා අතහැර විරසක ගුරුළු නා මූසික එක්ව කෙළිනා නැතිව බිය සැක කිරි සයුර නිමවූ සුරඹිදෙන සුභ කැදවූ නන්දන උයන වූ ළපළු තණපත් රසින් ලොල්වූ ඓරාවණ ඇතා සුර රද දකිමි යි සිතා කඩිමුඩියෙන් ඉතා පෙනෙයි දිව එනු ලෙසින් මතැතා සිළුමිණ සෑ කොතින පෑ මිණි කිරණ විඳිමින වැඳ තෙරුවණ් බැතින සුදම් සබයට සුරන් එක්වෙන පැළැඳ නිසි අඹරණ සුර රද සබට සපැමිණ හිඳ පඬුපුල් අසුන කිම්ද ආ ගිය පුවත් විමසන
කවිය බලන්න