නියතවූ එ'දහම

නියතවූ එ'දහම

නයනශාන්ති දිසානායක

වෙණු සේ වළාහක
අරා හිඳ නබෝගැබ
දිලි රජත තේජස
ගිගුම් දී අණසකින

සුර අසුරන් සතුරු
කැළඹි'යුරු කිරි සයුරු
මේඝ ද වී වියරු
නැඟි උදම් බිඳ පවුරු

සෝදා ගිරි මුදුනු
රූරා සිහින ගැලුනු
පාරා හද නැඟුනු
තෝරා කෙළස කියනු

සිඳි බිඳි සේසත ම
විලස අට ලෝ දහම
යලි නැඟි සේ පියුම
කිම හිඳ වැතිර තැවුම

ගසකින් මල් දැරුම
සේ ම තුරු පත් හැලුම
නියතවූ එ'දහම
ලෙසින් වේ දිවි ගෙවුම

('උමතු' ගී විරිත)

කවිය බලන්න