නවතනු යුද්ධය..............

නවතනු යුද්ධය..............

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

හඬන විට ලොව බොහෝ මිනිසුන්
දුකින් හා වේ දනාවෙන්
කුමන සතුටද ළතෙත් ඇත්තන්
තුළ නැඟෙයි කල්පනාවන්
නසන වියරුව මිනිස් දන තුළ
නැඟෙන රුදු වේදනාවන්
කුමන සතුටද දිනුම ලැබුවද
හදවතේ වෙද සිනාවන්.

රුදුරු අවි ගෙන වියරු විලසින්
නසද්දී අසරණ දනා
සොඳුරු ලෙස පිපි සුවඳ වත් මල්
ලොවට නැතිවම පර වුනා
ගලන ගඟුලැල් කුමක් කරනද
අපිරිසිදු වී මඬ වුනා
ලේ දහර මිහි මතට පතිතව
මිනිස් දහමම කෙළෙසුනා.

නපුරු සිත් ඇති වියරු මිනිසුන්
කෙලෙසදෝ ලොව රැඳෙන්නේ
සොබා දම් මෑණියගෙ අසිරිය
නැතිද ඔවුනට පෙනෙන්නේ
මිනිස් දම් වනසලා යුද වැද
කවුරුදෝ ලොව දිනන්නේ
ගලන රුහිරය මතින් කෙලෙසද
ලෝකයක් ගොඩ නැඟෙන්නේ.

කවිය බලන්න