ආදරණීය අනුට...
හදිසි සුළඟක් වගේ......
ඔබ ගියා අපට නොකියාම.
හදවතේ තැනක් හිස්ව.......
තවමත් නද දෙයි ඔබේ සිනා හඩ.
අදටත් මතකයි ඒ සොදුරු දවස්,
සිනාහවෙමින් ගෙවුනු මොහොතවල්,
එකවරම බිදිගියා අපේ ඒ සතුට,
හොරු ගෙන ගියා ද ඔබ අපෙන් වෙන්කර.
වට පිට හැම තැනම ඔබව පෙනෙනවා.
හැම තැනම ඔබේ හඩ ඇහෙනවා.
අහස දිහා බලන හැම විටකම......
ඔබ කොහේ ඇත්දයි සිතෙනවා
ඒත් මටනම් විශ්වාසයි.....
ඔබට තවම අපිව ඇහෙනවා!!!
සමු දෙන්න නම් බැහැ
අනේ අනු නංගීයේ......
අහිමි වුනත් ඔබ මේ ලොවින්,
නොමැකි ජිවත් වෙනවාමයි,
සදා කල් අපේ හදවත් තුල......
මැණිකක්ම වාගේ!
