අවුරුද්දෙ රහක් නෑ.

අවුරුද්දෙ රහක් නෑ.

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

NOW IT IS DIFFERENT . අවුරුද්ද රහයි. ඒත් ඒ රසය එන්න එන්නම ඇඹුල් වෙනව වගේ. සේසිරි මහතතයයි අමිතාවැදිසිංහ නෝනායි ගයපු සිංදුව නැත්තම්මේ තියෙන ටිකවත් අවුරුද්දෙ නෑමයි. ################################## එකම එක වරක් - පොඩි.. සන්දියේ දී දැක්ක. එදා එරබදු මලේ.. පාට දැන් මතක නෑ. ************************ කොහෙද දැන් ලොකු ඉඩම්.. ඒ නිසා ගසුත් නෑ. වැටෙන කජු අහුලන්න.. ගම්වලත් ලේසි නෑ. ********************************* පරිගණක තීරයේ .. දූ පුතුන් සැඟවිලා. අපි පැද්ද ඔංචිලිය්.. බඳින්නට හිතුනෙ නෑ. ******************************** සේසිරියි අමිතගෙයි... හරිම ලස්සන ගීය. අසනමුත් බැදිවලට.. මල් වැස්ස වැටිල නෑ. ********************************* රූප පෙට්ට්ටියෙන් හැම - සැරේ අවුරුදු දාට. දකිනවා මිස රබන්... පද මොකුත් ඇහුනෙ නෑ. *********************************** සනත් මහැදුරු ගියා... සුජාතත් නිහඬ නම්. කොහේවත් ඉඳන් තව... හඬලන්න කොහා නෑ. *********************************** බිත්තියේ රාමුවක.. නිස්චලව සිටින විට . අම්ම නැති අවුරුද්දෙ... කොහොමටත් රහක් නෑ. වෛද්‍ය නිලධාරී . තල්දෙන ප්‍රාථමික සත්කාර ඒකකය. බදුල්ල . 202603.24.
කවිය බලන්න