නොදනිත් නොදරුන් පොකුණට වැටුණා

නොදනිත් නොදරුන් පොකුණට වැටුණා

කෞශල්‍යා ජයලත්

නොදනිත් කවුරුත් නොදරු වැටුණි පොකුණට මත්වී නොවේ ගුත්තිල වෙණ නදින් මව් අත් ලෙහී ගිලිහුනේ ඇකයෙන් ළපටි පොව් සොයා පැටි මුවට ඵළවැල සොයන මන්තරේ ගියා ඈ සළු මසන්නට පාගමින යන්තරේ කුළී වැඩකය පිය, අහිමි රන්මසු මවන චක්කරේ මිත්තණිය සෝයුරු රකිමිණි, උගන්නා අකුරු සාස්තරේ මාරුවුණි පොඩි පුතු ළදරු සුරැකුම් සෙවණට දාරු වන අතර අනතුරු උගුල් නහුතෙට කරුණා ඇසක පෙම අහිමි වූ සැණකට වැටුනා කුරුලු පැටවෙකු මරු සිටින පොකුණට ඇසෙහි ලා රැකිය යුතු ලොව කාගෙ වුව දරුවෙකු පැසෙහි මැව් මුතු සරි කොයි දරු ප්‍රේමයෙන් මුතු බෙල්ලෙකු බසෙහි මම් කොයි ලෙසින් ගවසම් "අම්මේ" හඬෙහි දුක උකු වසෙහි රුදුරු ම හැඩය විඳින්නේ මව්පිය දකිමින් මැරුණු දරුවෙකු ලිං,පොකුණු, වස විස, විදුලිය, සපු මනු, පිටිනුවර හංගා රකිව් මිනිසුනි දරුවන් මතුවත් සින්දවා සෝ ගංගා ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ළදරු සුරැකුම් මධ්‍යස්ථානයේ තිබූ ජලය පිරුණු පොකුණකට වැටී, වීරකැටිය ප්‍රදේශයේ වයස අවුරුදු එක හමාරක සිඟිත්තෙකුට මෙලොවින් සමුගැනීමට සිදුවුණා. පොකුණට වැටුණු පසු, ඔහු අම්මාට කතා කළ " අම්මේ.. අම්මේ " යන දුක්බර හඬ , මින් මතු නිතර නිතර මගේ හදවත හූරාවි . ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කවිය බලන්න